ටින්ටින් නම් බාලදක්ෂයා...

    ලොවපුරා ලක්ෂ සංඛාත ළමා හා වැඩිමහල් පාඨකයන්ගේ රැචිකත්වය දිනාගත් ටින්ටින් නමින් ලොවපුරා ජනප්‍රියත්වයට පත්වූ කාටුන් පොත් පෙලේ නිර්මාතෘ වරයා බාලදක්ෂයෙක් බව ඔබ දන්නවාද ?

    ජෝර්ජස් ප්‍රොස්පර් රෙමී (Georges Prosper Remi) නම්වූ එම බාලදක්ෂයා බ්‍රසීලයේ බ්‍රෙසෙල්ස් හි එටර්බීක් හි වර්ෂ 1907 මැයි මස 22 දින උපත ලැබීය.මධ්‍යම පාන්තික පවුලක උපත ලැබූ හෙතෙමගේ පියා සහ මව වූයේ ඇලෙක්ස් හා එළිසබෙත් යුවලය.

    තම නමේ මුල් අකුරු ආපසු හරවා නිර්මාණය කල ඔහුගේ ලොව ප්‍රසිද්ධ නාමය හර්ගේ (Herge) නමින් විය.ජෝර්ජ්ස්, ඉක්සෙල්ස් ප්‍රාථමික පාසලෙන් අධ්‍යාපනය ආරම්භ කල අතර පසුව සිය ද්විතීයික අධ්‍යාපනය සඳහා ශාන්ත බොනිෆස් කතෝලික පාසලට ඇතුල්වී එහි බාලදක්ෂ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසින් කටයුතු කරන ලදී.

    ඔහුගේ වයස අවුරුදු 15 වන විටදී ශාන්ත බොනිෆස් පාසලේ කොරිඩෝවක අඳින ලද බිතුසිතුවම ඔහුගේ පලමු චිත්‍රය වූ අතර ඔහු විසින් අඳින ලද කාටුන් මුලින්ම ප්‍රකාශයට පත්කරන ලද්දේ පාසලේ බාලදක්ෂ පත්‍රිකාවක් වන Janais assez හිය.ඔහුගේ පලමු චිත්‍ර කතාව Le-boy Scout සඟරාවේ Totor de la Patrouille des Hannetons( බෙල්ජියම් ) ලෙස පළ විය.

    1926දී නිර්භීත බාලදක්ෂයෙකු ගැන Le Boy Scout Belge ඔහුගේ පළමු කෘතිය විය.තරුණ ජෝර්ජ්ස් හෙවත් හර්ගේ Le Vingtieme Siecle පුවත්පතේ කතෘ වරයා වූ නෝබට් වොලෙස් තම පුවත්පතේ තරුණ අතිරේකයේ වැඩ කරන ලෙස ඉල්ලා සිටි අතර 1929 ජනවාරි 10 දින ඔහුගේ ප්‍රථම කථාංගය "" Tintin au Pays des Soviet "" නමින් පල විය.මෙම කතා මාලාව ඉතා ජනප්‍රියත්වයට පත්වූ අතර 1930 මැයි 8 දා බ්‍රසල්ස් හි ගැරේ ඩි නෝර්ඩ් ශාලාවේදී මෙම කතා මාලාව සංදර්ශනයක් ලෙසින් රඟ දක්වන ලදී.එහිදී බාලදක්ෂයෙකු වන 14 හැවිරිදි ලුසියන් පෙපෙර්මන්ස් විසින් ටින්ටින් චරිතය රඟපෑ අතර ඔහුගේ බල්ලා වන Snowy ද එහි විය.


    ඊලඟ වසරේ Tintin au congo නමින් හර්ගේ ගේ නවතම කතා මාලාව සංදර්ශනයක් ලෙසින් මහජන ප්‍රදර්ශනය ඇරඹි අතර එය කොංගෝ ස්වදේශිකයන් 10 දෙනෙකු හා කුලියට ගත් අප්‍රිකානු වන සතුන් ඇතුලත් සංදර්ශනයක් විය.

    වර්ෂ 1939 දී දෙවන ලෝක යුද්ධය සමග ටින්ටින් සංදර්ශනය නවතා දැමූ අතර ජර්මානු පාලනයක් යටතේ වූ Le Soir සඟරාවේ ටින්ටින් කතාපෙල දිගටම පලවිය.මේ කාලපරාසය තුලදී ජෝර්ජස් රෙමී ජර්මානු ආක්‍රමණය යටතේ වූ හෙයින් ටින්ටින් හි බාලදක්ෂ පරමාදර්ශය නාසි ඒකාකෘති ඇතුලත්ව වෙනස් වූවායැයි ඔහුට චෝදනා එල්ල විය.

    කෙසේවෙතත් යුද්ධය අවසානයේදී එම චෝදනා වලින් නිදහස වූයේ ඔහුගේ වඩාත්ම ප්‍රසිද්ධ චරිතය නැවතත් සැබෑ බාලදක්ෂයෙකුගේ වඩාත් ආදරණීය චරිත ලක්ෂණයන් සහිතව ඉදිරිපත් කල හෙයිනි.

    1946 දී රේමන්ඩ් ලෙබ්ලාන්ක් සමඟ එක්වී ටින්ටින් සඟරාව ආරම්භ කල අතර ඒ හරහා නව ඇඩ්වෙන්චර්ස් ඔෆ් ටින්ටින් කතා මාලාවක් ඉදිරිපත් කරන ලදී .
ටින්ටින් සඟරාවේ පලමු කලාපය 1946 සැප්තැම්බර් 26 දින ප්‍රකාශයට පත් කරන ලදී.
එමෙන්ම සිය කෘති සිනමාමය අනුවර්තීය ලෙස ඉදිරියට යාම හොඳ ක්‍රමයක් බව විස්වාස කරමින් හර්ගේ එක්සත් ජනපදයේ ඩිස්නි චිත්‍රාගාරය හා සම්බන්ධ විය.

    1950 දී ස්ටූඩියෝ හර්ගේ නමින් චිත්‍රාගාරයක් ආරම්භ කල අතර ඔහුගේ අඛණ්ඩ ව්‍යාපෘති සඳහා ඔහුට සහාය වීමට ජැකිව්‍ස් මාර්ටින් හා බොබ් ඩි මෝර් ප්‍රමුඛ කාර්‍ය මණ්ඩලයක් විය.

    හර්ගේ ගේ කෘති තුල පැහැදිලි කම,සූක්ෂම භාවය ,හොඳින් සැලසුම් කල කුමන්ත්‍රණ යන ලක්ෂණ පෙන්නුම් කරන අතර ඒවා පුළුල්ව පිළිගැනීමට ලක්ව ඇත.ඔහුගේ කාටුන් පොත් යුරෝපයට ප්‍රබල බලපෑමක් ඇති කලේය.බෙල්ජියම හේර්ගේ ජාතික වීරයෙකු ලෙස පිළිගැනීමක් ඇති අතර 2009 දී හර්ගේ කෞතුකාගාරය බ්‍රසීලයේ Louvain-la-Neuve හි පිහිටවන ලදී.

    හර්ගේ ජාත්‍යන්තර සම්මාන ගනනාවකින් පුදනු ලැබූ අතර 2007 දී ඔහුගේ 100 වන උපන්දිනය වෙනුවෙන් යුරෝ 20 වටිනාකමකින් යුත් බෙල්ජියම් සමරු කාසියක් නිකුත් කරන ලදී .යුනෙස්කෝ හි පරිවර්තන දර්ශකය අනුව හර්ගේ ප්‍රංශ භාෂාව වෙනත් භාෂාවන් සඳහා වන පරිවර්තන සඳහා ලොව නමවෙනියා ලෙසින් නම් කර ඇත.

    හර්ගේ කෘතීන් ජනප්‍රිය සංස්කෘතියේ කාටුන් අනුවාදයක් සජීවිකරණ රූපවාහිනී කතා මාලාවක් ලෙස ඇඩ්වෙන්චර්ස් ඔෆ් ටින්ටින් නිර්මාණය වූ අතර එහි තවත් ආගන්තුක චරිත ගනනාවක්ම ඉදිරිපත් කරයි.ලොව ප්‍රමුඛ විශිෂ්ඨ ච්ත්‍රපට අධ්‍යක්ෂක ස්ටීවන් ස්පිල්බර්ග් විසින් ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් ටින්ටින් ද සීක්‍රට් ඔෆ් ද යුනිකෝන් නම්වූ චිත්‍රපටය නිර්මාණය කරන ලදී.

    1979 දී හර්ගේ හට රුධිරය සම්බන්ධ රෝගී තත්වයක් මත සතියකට දෙවරක් රුධිර පාරවිලයනය අවශ්‍ය විය.1983 මාර්තු 3 දින හෘදයාබාධයක් නිසා බ්‍රසල්ස් හි ශාන්ත ලූක් රෝහලේදී අවසන් ගමන් ගිය අතර 1986 දී හර්ගේ ස්ටුඩියෝව වසා දැමුනු අතර එහි හර්ගේ පදනම ස්ථාපිත කලේය .

    1988 දී ටින්ටින් සඟරාව සදහට වසා දමන ලදී.


උපටාගැනීම
            Georges Remi Wikipedia
            Johnny Walker's Scout Pages

Previous Post Next Post